ශ්‍රී ලාංකික සමාජය තුළ සමාජ විද්‍යාව විෂය ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ දියුණුවට දායක වූ විද්වතුන් පිළිබඳ විමසුමක්. - ලිපි මාලා අංක 01 ( එස් .ජේ. තම්බයියා මහතා.)


                                                                   

මහාචාර්ය තම්බයියා මහතා වර්ෂ 1929 ජනවාරි 16 වන දින යාපනයේ ක්‍රිස්තියානි දෙමළ ඉහළ මධ්‍යම පාන්තික පවුලක උප්පත්තිය ලබා තිබේ.තම මූලික අධ්‍යාපනය යාපනය ක්‍රිස්තියානි මධ්‍යම විද්‍යාලයෙන් ලබා ගත් අතර තම ද්විතික අධ්‍යාපනය ගාල්ල ශාන්ත තෝමස් විද්‍යාලයෙනුත් ලබාගත්තේය.බ්‍රයිස් රායන් යටතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සමාජ විද්‍යා විෂය හැදෑරූ මුල්ම පිරිස අතර සිටි පුද්ගලයෙකු ලෙස තම්බයියා මහතා හඳුන්වා දිය හැකි වේ.ලංකා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව ඉගැන්වූ තම්බයියා මහතා කේම්බ්‍රිජ් සරසවියෙන් දර්ශනශූරී උපාධිය ලබාගත් අතර කලක් ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ  මානව විද්‍යා මහාචාර්යවරයකු ලෙස ද කටයුතු කර තිබේ

                                                                                                                                                                                                         

මහාචාර්ය තම්බයියා මහතාගේ පර්යේෂණ දිවියේ ආරම්භය ඔහුගේ සමකාලීන සමාජ විද්‍යාඥයන් මෙන්ම ශ්‍රී ලාංකීය ගැමි සමාජය තේරුම් ගැනීම කේන්ද්‍ර කරගනිමින් සිදුවන අතර ඊට එවකට සමාජ මානව විද්‍යාවේ ප්‍රබල න්‍යායික බලපෑමක් ඇති කළ රොබට් රෙඩ්ෆීල්ඩ් ගේ අධ්‍යනයන් මූලික විය.ඔහු තම පළමු පර්යේෂණය  ග්‍රාමීය සමාජ විද්‍යාව සම්බන්ධයෙන් සිදු කොට තිබේ.විශේෂයෙන් පහත දුම්බර ප්‍රදේශයේ ‘’N.K.SARKAR’’ සමග සිදුකරන ලද සමාජ ආර්ථික සමීක්ෂණ ඇසුරින් ගැමි සමාජ වල දුගීභාවය,ගැමි ඥාතීත්වය ,විවාහ සංස්ථාව, දෑවැද්ද සහ ඉඩම් භුක්තිය  පිළිබඳ අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් පර්යේෂණ පත්‍රිකා කිහිපයක් නිකුත් කර ඇති අතර ඔහුගේ කර්තව්‍යයන් එළිදක්වන ලද ‘’DISINTEGRATING VILLAGE,REPORTOF A SOCIO - ECONOMIC SURVEY’’- 1957.නමැති ග්‍රන්ථය ද වැදගත් වේ.

 මාතලේ ලග්ගල ප්‍රදේශයේ දුෂ්කර ගම්මාන ඇසුරින් ගණනාථ ඔබේසේකර මහතා සමග සිදු කරන ලද මානව විද්‍යාත්මක ක්ෂේත්‍ර  පර්යේෂණ ඇසුරින් ශ්‍රී ලංකාවේ බහු පුරුෂ සේවනය නැතහොත් එකගෙයි කෑම පිළිබඳව රචනා කරන ලද පර්යේෂණ  පත්‍රිකාවක් ලෙස ‘’POLYANDRY IN CEYLON’’ 1966 පෙන්වා දිය හැකි වේ.එපමණක් නොව මෙතුමා විසින් ගල් ඔය ජනපදය ආශ්‍රිතවද  ක්ෂේත්‍ර   පර්යේෂණ  ගණනාවක් සිදු කොට තිබේ.එම පර්යේෂණ පාදක කරගනිමින් ‘’AGRICULTURE EXTENTION AND OBSTACLES TO IMPROVED AGRICULTURE IN GAL OYA’’.(1962)නම් පර්යේෂණ පත්‍රිකාව රචනා කර තිබේ.එපමණක් නොව එතුමා විසින් වර්ෂ එක්දාහස් නමසිය පනස් ගණන් වල මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රදේශයේ ඉඩම් භුක්තිය හා ඥාතීත්වය අතර පවතින සබඳතාවය පිළිබඳවද අධ්‍යයන කටයුතු සිදු කර තිබේ.මෙම අධ්‍යනයන්  හරහා ලග්ගල ප්‍රදේශයේ ක්‍රමයෙන් ජනගහනය වැඩි වී යාම නිසා ඉඩම් කැබලි බෙදී යාමත් සමග ගම්වල දුගී කම හා ණයගැති භාවය පැවැති ආකාරයක් දක්නට ලැබුණු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.ඉහත ක්ෂේත්‍රයන්ට  අමතරව තම්බයියා මහතා විසින් ආගම සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳව ද තම අධ්‍යයන කටයුතු සිදු කර තිබේ.

ආගම සහ ප්‍රචණ්ඩත්වය අලලා රචනා කරන ලද වටිනා  ග්‍රන්ථ්‍රයක් ලෙස ‘’ETHANIC FRATRICIDE AND THE DISMISSING OF DEMOCRACY’’(1986)නම් කෘතිය පෙන්වාදිය හැකි විය.එපමණක් නොව බුදුදහම වැනි  ආගම් ලාංකීය සන්දර්භය තුළ වඩා ප්‍රචණ්ඩකාරී ආගමක් ලෙස පරිවර්තනය වන්නේ කෙසේද යන්න පිළිබඳව තම්බයියා මහතා පර්යේෂණය කර තිබේ.එම පර්යේෂණයන් අළලා සැකසුනු කෘතියක් ලෙස ''බුදු දහම පාවා දීම'' නම් කෘතිය හදුන්වා දියහැකි වේ.එහිදී භික්ෂූන් වහන්සේලාගේ  ක්‍රියා කලාපය යුධකාමී භික්ෂු  ක්‍රියා  පිළිවෙතක් බව සඳහන් කර ඇති අතර මෙම ග්‍රන්ථය පසුකාලීනව තහනමකට ලක් වූ අතර තම්බයියා මහතාව කොටි හිතවාදී දේශද්‍රෝහියකු ලෙස නම් කිරීමට ද කටයුතු කර තිබේ.තවදුරටත් අඛණ්ඩ සමාජ විද්‍යාත්මක පර්යේෂණවල නිරත වුණු තම්බයියා මහතා පහත දුම්බර ප්‍රදේශයේ මුල් කරගනිමින් එහි පැවති ඥාතීත්වය හා ඉඩම් බුක්තිය පිළිබඳවද වටිනා කියන පර්යේෂණ පත්‍රිකාවක් සකසා තිබේ .

මේ ආකාරයට  සමාජ විද්‍යා විෂය   සම්බන්ධව සුවිශාල සේවාවක් සිදු කළ  විද්වතෙකු වශයෙන් තම්බයියා මහතා  සැලකිය හැකි අතර ඔහු සිදුකළ  අධ්‍යනයන් ‍ හා  ශ්‍රී ලාංකීය සමාජ විද්‍යාවේ භාවිත ක්ෂේත්‍රයන්  මොනවාද යන්න පිළිබඳවත් ඉහත කරුණු මගින්  මනාව පැහැදිලි කර ගත හැකි වේ. ‘’BALZAN PRIZE සහ FUKUOKA ASIAN CULTURE PRIZE’’ යන ත්‍යාගයන් රාශියක් හිමිකර ගත් තම්බයියා මහතා කලක්  රෝගාතුරව සිටිමින් වර්ෂ 2014 දී ඇමරිකාවේදී අභාවප්‍රාප්ත විය.පොදුවේ මානව විද්‍යාවටත් ශ්‍රී ලාංකීය සමාජ විද්‍යාවටත් පිරිමැසිය නොහැකි වටිනා කියන සේවාවක් සිදුකළ පුද්ගලයෙකු ලෙස තම්බයියා මහතා හඳුන්වා දිය හැකි වේ.


ආශ්‍රිත මූලාශ්‍ර.

01.https://www.colombotelegraph.com/index.php/professor-s-j-tambiah-a-humble-and-passionate-intellectual/.(2020/08/03) 

02.https://en.wikipedia.org/wiki/Category:Sri_Lankan_sociologists.(2020/08/03)


සැකසුම සහ සටහන - w.p . ලහිරු පතිරත්න.

                                 සමාජ විද්‍යා අධ්‍යන අංශය.(විශේෂවේදී දෙවන වසර )

                                 කැළණිය විශ්ව විද්‍යාලය.



Comments

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලාංකික සමාජය තුළ සමාජ විද්‍යාව විෂය ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ දියුණුවට දායක වූ විද්වතුන් පිළිබඳ විමසුමක්. - ලිපි මාලා අංක 03 (බ්‍රයිස් රායන් මහතා.)

ස්ත්‍රී වෙළදාම සහ ස්ත්‍රීන් ගණිකා වෘත්තියේ යෙදවීමෙන් වාසී ලැබීම මර්දනය කරනු ලබන ඔබ දැනගත යුතු නීතිමය හා ව්‍යවස්ථාපිත කරුණු.