ස්ත්‍රී වෙළදාම සහ ස්ත්‍රීන් ගණිකා වෘත්තියේ යෙදවීමෙන් වාසී ලැබීම මර්දනය කරනු ලබන ඔබ දැනගත යුතු නීතිමය හා ව්‍යවස්ථාපිත කරුණු.
කාන්තාවන්ට එල්ලවන සෑම ආකාරයේම වෙනස්කම් ගණයට ස්ත්‍රී වෙළදාම හා ස්ත්‍රීන් ගණිකා වෘත්තියේ යොදවා වාසි ලබා ගැනීම පෙන්වා දිය හැකි වේ.මේ සම්බන්ධව ඇති නීතීන් මත යම් පමණකට හෝ මේ තත්ත්වය අවම කරගත හැකිය යන්න පළමුව සදහන් කළ යුතුව තිබේ.එබැවින් ස්ත්‍රී වෙළදාම හා ස්ත්‍රීන් ගණිකා වෘත්තියේ යෙදවීමෙන් වාසි ලබා ගැනීම මර්දනය කරනු ව්‍යවස්ථා සම්පාදනය වැදගත් වේ. බොහෝ රටවල මේ සම්බන්ධයෙන් පොදු නීතියක් දැකගත නොහැකි තත්ත්වයක් මත මේ තත්ත්වය නිසි ලෙස මැඩපැවැත්වීමට අසීරු තත්ත්වයකට පත්ව තිබේ.ලංකාව තුළද මේ ආකාරයේ ස්ත්‍රී වෙළදාම සහ ස්ත්‍රීන් ගණිකා වෘත්තියේ යෙදවීමෙන් වාසි ලබා ගැනීම සම්බන්ධයෙන් යම් යම් නීති රීති සකසා තිබුණත් මෙම තත්ත්වය සම්පුර්ණයෙන්ම පාහේ නැතිකර දැමිය හැකි නෛතික තත්ත්වයක් දැකගත නොහැකි වේ. ලංකාවේ නීතියට අනුව යම් කිසි ස්ත්‍රියක් හෝ යම් කිසි පුද්ගලයෙක් තම පෞද්ගලික මට්ටමෙන් එකිනෙකාගේ කැමැත්ත මත ලිංගික කටයුතු වල වරදක් ලෙස අර්ථ දැක්වීමට නොහැකි වේ.එපමණක් නොව තම කාලත්‍රයා හැර වෙනත් අයෙකු සමග ලිංගික සබදතා පැවැත්වීම එනම් අනාචාරයේ හැසිරීමද අපරාධ නීතිය අනුව වරදක් නොවේ.කෙසේ වෙතත් අනාචාරයේ හැසිරීම වෛවාහික...