අපරාධ විද්‍යාවේ පියා ලෙස සැලකෙන සෙසරේ ලොම්බ්‍රෝසෝගේ න්‍යාය ඉදිරිපත් කොට ඊට එරෙහිව ගොඩනැගී ඇති නිර්වචන ගැන විග්‍රහයක්

අපරාධ විද්‍යාවේ පියා ලෙස සැලකෙන සෙසරේ ලොම්බ්‍රෝසෝගේ න්‍යාය ඉදිරිපත් කොට ඊට එරෙහිව ගොඩනැගී ඇති  නිර්වචන ගැන විග්‍රහයක්





අපරාධ විද්‍යාව විෂය ක්ෂේත්‍රය යනු වර්තමාන ලෝකයේ දැකගත හැකි සුවිශේෂී වූත්, ආකර්ශනීය වූත්, රසවත් වූත් විෂය ධාරාවක් ලෙස හදුන්වාදිය හැකි වේ.මෙම විෂය ධාරාව  ලෝකයට දායාද වැඩි කාලසීමාවක් ගත නොවුණද මෙම විෂය  තුළින් සමස්ත ලෝකයටම  සිදුකර ඇති සේවය අතිමහත්ය.මෙම විෂය බිහිවීම යුරෝපයේ මධ්‍යතන යුගයේදී යුරෝපාකරයේ රටවල් මුල් කර ගනිමින් බිහි වූවක් වන අතර ඒ සඳහා ඉතාලි ජාතික දාර්ශනිකයන් ,සමාජ විද්‍යාඥයන් සැලකියයුතු මට්ටමේ දායකත්වයක් ලබාදී තිබේ.එහිදී මුල් කාලීනව අපරාධ විද්‍යා විෂය ක්ෂේත්‍රයේ  වර්ධනයට කටයුතු කළ සෙසරේ බෙකේරියා, ජෙරමි බෙන්තම් ආදී පුද්ගලයන් හඳුන්වා දිය හැකි වේ.ඔවුන් සම්භාව්‍ය යුගයේ අපරාධ විද්‍යාඥයන් ලෙස හඳුන්වාදීමට හැකියාවක් පවතී.අපරාධ විද්‍යා විෂය ක්ෂේත්‍රයේ සම්භාව්‍ය යුගයට පසුව එළඹෙන්නේ යථානුභූත අවධිය වේ.එහි සුවිශේෂී අපරාධ විද්‍යාඥයන් තිදෙනෙකු දැකගත හැකි වන අතර ඔවුන් නම්

 

 

01.සෙසරේ ලොම්බ්‍රෝසෝ.

02.එන්රිකෝ ෆේරී.

03.රෆායෙල් ගරාෆාලෝ වේ.

 

මොවුන් අතරින් සෙසරේ ලොම්බ්‍රෝසෝ යථානුභූත වාදී අදහස් පදනම් කරගනිමින් අපරාධ විද්‍යාව තුළ අපරාධකරුවකු හඳුනා ගන්නේ කෙසේද,අපරාධකරුවන්ගේ පොදු ජීව විද්‍යාත්මක ලක්ෂණ මොනවාද යන්න පිළිබඳව කරුණු කාරණා රැසක් ඉදිරිපත් කර තිබේ.එකී පර්යේෂණාත්මක දත්ත මත  නිරීක්ෂණ සහ නිගමන වලට එළඹ න්‍යායක් පවා ලොවට දායාද කිරීමට ලොම්බ්‍රෝසෝ සමත්ව තිබේ.

 

එබැවින් ඔහුව අපරාධ විසෙසරේ ලොම්බ්‍රෝසෝ වර්ෂ 1835 නොවැම්බර් මස 6 වැනිදා ඉතාලියේ වෙරෝනා නගරයේ දී උපත ලබා තිබේ.වෛද්‍ය වරයෙකු වූ ලොම්බ්‍රෝසෝ අපරාධ විද්‍යාවේ යථානුභූතවාදී ගුරුකුලයට අයත් ප්‍රභල සාමාජිකයෙකු විය.එයට හේතු වශයෙන් පෙන්වා දිය හැක්කේ ලොම්බ්‍රෝසෝ විසින් යථානුභූතවාදී න්‍යාය ගොඩ නැගීමයි.අපරාධ ඇතිවීම සඳහා මූලිකවම පුද්ගලයාගේ මනස හේතු සාධකයක් වන බව මීට ඉහත දී සිටී සම්භාව්‍ය අපරාධ විද්‍යා ගුරුකුලයේ අපරාධ විද්‍යාඥයන් කරුණු කාරණා ඉදිරිපත් කර තිබුණි.එහෙත් ලොම්බ්‍රෝසෝ විසින් මෙම මතය අභියෝගාත්මක ලෙස විවේචනය කර ඊට ප්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත් කර තිබේ.එම මතය යථානුභූතවාදී න්‍යාය ලෙස හඳුන්වා දිය හැකිය.යථානුභූතවාදී න්‍යාය යනු කායික සහ ජීව විද්‍යාත්මක සාධක පදනම් කරගනිමින් පුද්ගලයන් අපරාධ වලට යොමුවන බවයි.නිරීක්ෂණ,සම් පරීක්ෂණ සහ  ආනුභවික අධ්‍යනයන් මගින් ලොම්බ්‍රෝසෝ විසින් මෙම න්‍යාය ගොඩ නඟා තිබේ.එය පිළිබඳව ඉතාමත් රසවත් කතාවක් තිබෙනු දැකගත හැකි වේ.

 

ලොම්බ්‍රෝසෝ විසින් මේ සඳහා ඉතාලියේ සිසිලි දූපතේ වාසය කළ අපරාධකරුවන් 384 දෙනකු තෝරාගෙන ඔවුන්ගේ හිස් කබල් වල ස්වරූපය,විශාලත්වය සහ අනෙකුත් ජීව විද්‍යාත්මක  සාධක අධ්‍යයනය කර තිබේ.එම අධ්‍යනයන් තුළින් ආනුභවික නිරීක්ෂණ ක්‍රමය හරහා අපරාධකරුවන් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ගණනාවක් සටහන්  කරගැනීමට ලොම්බ්‍රෝසෝ ට හැකියාවක් ලැබුණි.නිරීක්ෂණ සහ  නිගමන පදනම් කරගනිමින් ලොම්බ්‍රෝසෝ විසින් අපරාධකරුවන් ප්‍රධාන වර්ග හතරකට බෙදා දැක්වීමට සමත් ව තිබේ.එම අපරාධ කරුවන්ගේ වර්ගීකරණය පහත පරිදි පෙන්වා දිය හැකි වේ.

 

01.උපන් අපරාධකරුවන් .

02.උමතු හෝ සිහි මඳ ගතියෙන් යුක්ත අපරාධකරුවන් .

03.වෘත්තීමය අපරාධකරුවන් .

04.අවස්ථානුකූල අපරාධකරුවන් ලෙස පෙන්වා දිය හැකි වේ.

 

මේ අතරින් ලොම්බ්‍රෝසෝ විසින් උපන් අපරාධකරුවන් ( Born criminal ) පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබේ.මොහු විසින් අපරාධ විද්‍යාව විෂය ක්ෂේත්‍රයට දායාද කළ සුවිශේෂී ග්‍රන්ථයක් ලෙස සැලකෙන අපරාධකාරී මිනිසා  ( Criminal Man) නම් ග්‍රන්ථය තුළ ආනුභවික නිරීක්ෂණ මත ලබාගත් දත්තයන් ඇසුරින් උපන් අපරාධකරුවෙකු කෙරෙහි දැකගත හැකි ජීව විද්‍යාත්මක සාධක ගණනාවක් ම ඉදිරිපත් කර තිබේ.ඒවා පහත පරිදි පෙන්වා දිය හැකි වේ .

 

    හිස විශාල වීම/ හිස් කබල පළල්ව පිහිටා තිබීම.

v මුහුණේ දෙපැත්තේ අසම මිතික බවක් දක්නට තිබීම.

v හකු සහ කම්මුල් ඇට විශාල වීම.

v ඇස්වල විකෘතිතා දක්නට ලැබීම .

v කන් කුඩා හෝ විශාල ව පිහිටා තිබීම.

v නාසය විරූපී වීම.

v දෙතොල්වල මාංශපේශී හොඳින් ඉදිරියට නෙරා තිබීම.

v කම්මුල් අධික ලෙස වළ ගැසී තිබීම.

v දිව මැදින් ඉරක් මෙන් දෙකට බෙදී තිබීම.

v දත් අසාමාන්‍ය ලෙස කුඩා වීම.

v නිකට යටට නෙරා තිබීම .

v හිසකෙස් අධික ලෙස රැළි ගැසී තිබීම හෝ විරුද්ධ ලිංගිකයෙකුගේ මෙන් දැකගැනීමට හැකි වීම  .අත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා දිගට පිහිටීම.

v උගුර ඉදිරියට නෙරා තිබීම.

v පාදයේ ඇගිලි කෙටිවීම.

v මොලේ යම් යම් කොටස් වල අසමතුලිතාවන් දක්නට ලැබීම.

යනාදී ලක්ෂණ පෙන්වාදිය හැකි වේ.

තවදුරටත් ලොම්බ්‍රෝසෝ පවසනුයේ ඉහත ලක්ෂණයන්ගෙන් අවම ලක්ෂණ පහකින් පුද්ගලයෙකු සමන්විත වන්නේ නම් ඔහු  අපරාධකරුවකු වන බවයි.තවදුරටත් ඔහු තම කෘතිය හරහා පෙන්වා දෙනුයේ ඉහත ලක්ෂණයන්ගෙන් යුක්ත පුද්ගලයන් පූර්ව ලෙස පරිණාමීය ක්‍රියාවලිය ලක් නොවූවන් බවත් ඔවුන් අතීතය විසින් වර්තමානයට විසි කරන ලද සත්ව කොට්ඨාසයක් වන බවත්ය.එයට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දිය හැකි වනුයේ ඉහත ලක්ෂණයන්ගෙන් යුතු වූ පුද්ගල රූපකායක් බොහෝවිට සමාන වූයේ වානර විශේෂයකට වන නිසාවෙනි.කෙසේ වෙතත් මේ ආකාරයට මානසික තත්ත්වයන්ට වඩා කායික හා ජීව විද්‍යාත්මක සාධක පුද්ගලයෙකු අපරාධ කරුවෙකු බවට පත්කිරීමට හේතු වන බව කියැවෙන යථානුභූතවාදී න්‍යාය බොහෝ පුද්ගලයන් පිරිසක් පිළිගත් අතර තවත් පුද්ගලයන් ගණනාවක් එම මතය නැතහොත් න්‍යායට ප්‍රතිවිරුද්ධ වූ විවේචනාත්මක මතවාදයන් ඉදිරිපත් කර තිබේ.

 එසේ වීමට හේතුව නම් ලොම්බ්‍රෝසෝ විසින්  නියැදිය ලෙස තෝරාගත් පුද්ගල කණ්ඩායමේ යම් යම් දෝෂ සහගත තත්වයන් ඇතිවී තිබීම සහ මෙම න්‍යාය සෙසු  පුද්ගලයන්ටත් ආදේශ  කර බැලීමේදී පරස්පර විරෝධී  නිරීක්ෂණයන් දර්ශනය වීමත් පදනම් කරගෙනය.එසේනම් ලොම්බ්‍රෝසෝගේ යථානුභූතවාදී න්‍යායට එල්ල වී ඇති අභියෝගාත්මක සහ විවේචනාත්මක මතවාද මොනවාද ? එලෙස මතවාද ඉදිරිපත් කළ පුද්ගලයන් කවුරුන්ද? යන්න පිළිබඳව තවදුරටත් විමසා බලමු.

 

සෙසරේ ලොම්බ්‍රෝසෝ ගේ  න්‍යායට එරෙහිව එල්ල  වූ විවේචනාත්මක මතවාද.

 

සෙසරේ ලොම්බ්‍රෝසෝ විසින් ඉදිරිපත් කරන ලද යථානුභූත වාදී න්‍යාය එනම් කායික සහ ජීව ජීව විද්‍යාත්මක සාධකයන් පුද්ගලයෙකු අපරාධකරු වීමට හේතු වන බව කියන මතවාදයට විවිධ පුද්ගලයන් විසින් විවේචනයන් ගණනාවක් ඉදිරිපත් කර තිබේ.ඉන් එල්ල වන එක්  විවේචනයක් ලෙස ඔහු තම ආනුභවික අධ්‍යනයන් සඳහා තෝරාගත් නියැදිය කෙරෙහි එල්ල වනු බව පෙන්වාදිය හැකි වේ.

 ලොම්බ්‍රෝසෝ තම නියැදිය  වශයෙන් අපරාධකරුවන් 384 දෙනෙකුගේ හිස් කබල් සහ ඔවුන්ගේ අනෙකුත් ජීව විද්‍යාත්මක සාධක නිරීක්ෂණය කොට යථානුභූතවාදී න්‍යායට පිවිසි බව ඉහත කරුණු මඟින් දක්වා තිබේ.ලොම්බ්‍රෝසෝ ගේ  මෙම පර්යේෂණය සඳහා යොදා ගත් 384 පමණ වූ සියලු අපරාධකරුවන් ඉතාලියේ සිසිලි දූපතේ වාසය කළ පුද්ගලයන් සමූහයක් වේ.බොහෝවිට එකම භූගෝලීය ප්‍රදේශයක වාසය කරනු ලබන්නේ එක හා සමාන ලක්ෂණ වලින් යුක්ත වූ පුද්ගල කණ්ඩායම්ය.

 එයට  උදාහරණ වශයෙන් අතීත සමාජය තුළ ජීවත් වූ ජන කොටස් පෙන්වා දිය හැකිය.ඔවුන්ගේ රූපකාය,ශරීර ස්වභාවය අතින් ගත් කල සියලු දෙනාම එක හා සමාන දේහ ලක්ෂණ වලින් යුක්ත ව පැවැති ආකාරයක් දැකගත හැකි වේ.ඉතාලියේ සිසිලි දූපතේ සිටි පුද්ගලයනුත්  එම ප්‍රදේශයේ දේශගුණික සහ භෞතික සාධකයන්ට  අනුකූලව හැඩ  ගැසුණු එක හා සමාන ලක්ෂණ වලින් යුතු වූ පිරිසක් බව ඒ අනුව අපට අනුමාන කළ හැකි වේ.

 ඔහුගේ  මෙම මතයට විවේචන එල්ල කරන්නන් ගෙනෙන ප්‍රධාන තර්කය වනුයේ නියැදිය සඳහා තෝරා ගත් පුද්ගලයන් 384 දෙනාම ඉතාලියේ එක් ප්‍රදේශයක වීමත්,ඉතාලියේ එක් ප්‍රදේශයක සිටින පුද්ගලයන් අධ්‍යයනය කොට ලබා ගත් දත්ත සහ නිගමනයන් සමස්ත ඉතාලියටත් ,සමස්ත ලෝකයටත් සමාන කර දැක්විය නොහැකි බවයි.එයට හේතුව වන්නේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට,රටින් රටට සහ දේශගුණික කලාප අනුව එක් එක් පුද්ගලයාගේ කායික සහ ජීව විද්‍යාත්මක සාධකයන් එකිනෙකට වෙනස් වන නිසාවෙනි.

 ලොම්බ්‍රෝසෝගේ  යථානුභූතවාදී න්‍යායට විවේචන ඉදිරිපත් කරනු ලබන බොහෝ පුද්ගලයන් ප්‍රකාශ කරනු ලබන්නේ එක් ප්‍රදේශයක ජීවත් වන පුද්ගලයන් දෙස බලාසහ  ඔවුන්ගේ එකක් දෙකක් වූ ලක්ෂණයන් දෙස බලා අපරාධකරුවෙකු ගේ ජීව විද්‍යාත්මක ලක්ෂණ මේවා යැයි ප්‍රකාශ කොට ලෝක මට්ටමින් මතවාද සහ න්‍යායන් ඉදිරිපත් කිරීම තාර්කික නොවන බවයි.මේ ආකාරයට සෙසරේ ලොම්බ්‍රෝසෝගේ යථානුභූතවාදී න්‍යාය  තාර්කික නොවන බව පවසමින් විවිධ උගතුන් සහ බුද්ධිමතුන් විවේචනාත්මක මතවාදයන් ඉදිරිපත් කොට තිබේ.

 මිළගට සෙසරේ ලොම්බ්‍රෝසෝගේ  යථානුභූතවාදී න්‍යායට එරෙහිව විවේචනාත්මක මතවාදයක් ඉදිරිපත් කරනු ලබන්නේ බ්‍රිතාන්‍ය ජාතික චාල්ස් ගෝරින් නම් පුද්ගලයෙකු විසින් වේ.චාල්ස් ගෝරින් විසින් ප්‍රායෝගික විද්‍යාත්මක පදනමක අනුසාරයෙන් ලොම්බ්‍රෝසෝගේ මෙම මතවාදය විවේචනය කර තිබේ.මේ සඳහා චාල්ස් ගෝරින් විසින් විවිධ පුද්ගලයන් ගණනාවක්  යොදාගනිමින් එක්තරා පර්යේෂණයක් සිදු කොට තිබේ.මේ සඳහා චාල්ස් ගෝරින් බ්‍රිතාන්‍යයේ සුවිශේෂී ස්ථානයන් ද්විත්වයක වාසය කරන ලද පුද්ගලයන් යොදාගෙන තිබේ.ඉන් එක් ස්ථානයක් ලෙස බිතාන්‍ය බන්ධනාගාරය පෙන්වා දිය හැකි වන අතර අනෙක් ස්ථානය වූයේ ලොව සුප්‍රකට විශ්වවිද්‍යාලයක්  වූ  බ්‍රිතාන්‍යයේ ක්‍රේම්බිජ් විශ්ව විද්‍යාලයයි.

 ගෝරින් විසින් බ්‍රිතාන්‍යය බන්ධනාගාරයේ රැඳවියන් 3000 ක ප්‍රමාණයකුත් ,ක්‍රේම්බිජ් සරසවියෙන් ශිෂ්‍යයන් 1000 ක  ප්‍රමාණයකුත් තෝරාගෙන ඇති අතර ලොම්බ්‍රෝසෝ මෙන් ඔහුත් මෙකී සෑම සියලු දෙනෙකුගේම හිස් කබල් සහ ජීව විද්‍යාත්මක සාධකයන් මැන බලා තිබේ.මෙම පර්යේෂණය අවසානයේ දී දැකගත හැකි වූ නිරීක්ෂණයක් වූයේ විශ්ව විද්‍යාලය තුළත් ලොම්බ්‍රෝසෝ ඉදිරිපත් කළ ආකාරයේ ලක්ෂණ තිබෙන පුද්ගලයන් සිටින බවකි.එහෙත් ඔවුන් අපරාධකරුවන් නොවේ.විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන්ය.

 අපරාධකරුවෙකුගේ ලක්ෂණ මේවා යැයි ලොම්බ්‍රෝසෝ ඉදිරිපත් කරන ලද ලක්ෂණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තුළ පැවතියත් ඔවුන්  අපරාධකරුවන් හෝ අපරාධ ක්‍රියාවන් වලට  දායක  වූවන් නොවේ. මෙම නිගමනයට අනුව ගෝරින් විසින් පෙන්වා  දීමට උත්සාහ දරනුයේ කායික සහ ජීව විද්‍යාත්මක සාධක පමණක්ම අපරාධකරුවකු වීමට හේතු නොවන බවත් එවැනි ලක්ෂණ ඇති සියල්ලන්ම අපරාධ  නොකරන බවටත්  පෙන්වා දීමටය.

 තවදුරටත් මෙම කාරණය පැහැදිලි කරනවා නම් පෙන්වාදිය හැක්කේ අපරාධකරුවකු වීමට කායික සහ ජීව විද්‍යාත්මක සාධක පමණක් නොව වෙනත් අවශේෂ හේතු සාධක ද හේතු වන බවට  පෙන්වා දීමට ගෝරින් විසින් උත්සාහ ගත් බවයි.මේ ආකාරයට අපරාධ කරුවකු වීමට ජීව විද්‍යවිද්‍යාත්මක සාධක පමණක් ම හේතු වන බවට ලොම්බ්‍රෝසෝ විසින් ඉදිරිපත් කරන ලද න්‍යාය චාල්ස් ගෝරින් විසින් බිඳ දමා තිබෙනු දැකගත හැකි වේ.

 ඉහත සදහන් කරුණු කරණා මගින් අපරාධ විද්‍යාවේ පියා ලෙස සැලකෙන සෙසරේ ලොම්බ්‍රෝසෝ විසින් ඉදිරිපත් කොට ඇති න්‍යාය සහ එහි අන්තර්ගත කරුණු කාරණා පිළිබදවත් ඊට එරෙහිව ගොඩනැගී ඇති  නිර්වචන සහ ඒවා ඉදිරිපත් කරන ලද පුද්ගලයන් සම්බන්ධවත් මානව පැහැදිලි වේ.ඒ අනුව අවසන් වශයෙන් එලබිය හැකි නිගමනය වනුයේ අපරාධකරුවෙකු වීමට කායික සහ ජීව විද්‍යාත්මක හේතු සාධක පමණක් බල නොපාන බවත් අවශේෂ හේතු සාධකයන්ගේ බලපෑමක් ඒ සදහා ඇතිවන බවත් වේ.ඒ අනුව අපරාධකරුවෙකු යනු කවරෙක්ද යන්න තීරණය කිරීමේදී ඒ සදහා බලපාන සියලුම කරුණු කාරණා මානව අධ්‍යනය කිරීමකින් අනතුරුව තීන්දු තීරණ සහ නිගමන වලට එලබීම වඩාත් යෝග්‍ය වේ.ද්‍යාවේ පියා ලෙස ද හඳුන්වනු ලැබේ.එසේ නම් සෙසරේ ලොම්බ්‍රෝසෝ විසින් ඉදිරිපත් කර ඇති න්‍යායාත්මක කරුණු කාරණා මොනවද ? ඒවා තුළින් නිරූපිත කරුණු කාරණා මොනවාද? සහ එම අදහස් වලට පසුකාලීනව  එක්වූ විවේචනයන් සහ අදහස් උදහස් මොනවාද? යන්න පිළිබඳව විමසා බලමු.

සෙසරේ ලොම්බ්‍රෝසෝ ගේ  න්‍යායට එරෙහිව එල්ල  වූ විවේචනාත්මක මතවාද.

 

සෙසරේ ලොම්බ්‍රෝසෝ විසින් ඉදිරිපත් කරන ලද යථානුභූත වාදී න්‍යාය එනම් කායික සහ ජීව ජීව විද්‍යාත්මක සාධකයන් පුද්ගලයෙකු අපරාධකරු වීමට හේතු වන බව කියන මතවාදයට විවිධ පුද්ගලයන් විසින් විවේචනයන් ගණනාවක් ඉදිරිපත් කර තිබේ.ඉන් එල්ල වන එක්  විවේචනයක් ලෙස ඔහු තම ආනුභවික අධ්‍යනයන් සඳහා තෝරාගත් නියැදිය කෙරෙහි එල්ල වනු බව පෙන්වාදිය හැකි වේ.ලොම්බ්‍රෝසෝ තම නියැදිය  වශයෙන් අපරාධකරුවන් 384 දෙනෙකුගේ හිස් කබල් සහ ඔවුන්ගේ අනෙකුත් ජීව විද්‍යාත්මක සාධක නිරීක්ෂණය කොට යථානුභූතවාදී න්‍යායට පිවිසි බව ඉහත කරුණු මඟින් දක්වා තිබේ.ලොම්බ්‍රෝසෝ ගේ  මෙම පර්යේෂණය සඳහා යොදා ගත් 384 පමණ වූ සියලු අපරාධකරුවන් ඉතාලියේ සිසිලි දූපතේ වාසය කළ පුද්ගලයන් සමූහයක් වේ.බොහෝවිට එකම භූගෝලීය ප්‍රදේශයක වාසය කරනු ලබන්නේ එක හා සමාන ලක්ෂණ වලින් යුක්ත වූ පුද්ගල කණ්ඩායම්ය.

 එයට  උදාහරණ වශයෙන් අතීත සමාජය තුළ ජීවත් වූ ජන කොටස් පෙන්වා දිය හැකිය.ඔවුන්ගේ රූපකාය,ශරීර ස්වභාවය අතින් ගත් කල සියලු දෙනාම එක හා සමාන දේහ ලක්ෂණ වලින් යුක්ත ව පැවැති ආකාරයක් දැකගත හැකි වේ.ඉතාලියේ සිසිලි දූපතේ සිටි පුද්ගලයනුත්  එම ප්‍රදේශයේ දේශගුණික සහ භෞතික සාධකයන්ට  අනුකූලව හැඩ  ගැසුණු එක හා සමාන ලක්ෂණ වලින් යුතු වූ පිරිසක් බව ඒ අනුව අපට අනුමාන කළ හැකි වේ.

 ඔහුගේ  මෙම මතයට විවේචන එල්ල කරන්නන් ගෙනෙන ප්‍රධාන තර්කය වනුයේ නියැදිය සඳහා තෝරා ගත් පුද්ගලයන් 384 දෙනාම ඉතාලියේ එක් ප්‍රදේශයක වීමත්,ඉතාලියේ එක් ප්‍රදේශයක සිටින පුද්ගලයන් අධ්‍යයනය කොට ලබා ගත් දත්ත සහ නිගමනයන් සමස්ත ඉතාලියටත් ,සමස්ත ලෝකයටත් සමාන කර දැක්විය නොහැකි බවයි.එයට හේතුව වන්නේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට,රටින් රටට සහ දේශගුණික කලාප අනුව එක් එක් පුද්ගලයාගේ කායික සහ ජීව විද්‍යාත්මක සාධකයන් එකිනෙකට වෙනස් වන නිසාවෙනි.

 ලොම්බ්‍රෝසෝගේ  යථානුභූතවාදී න්‍යායට විවේචන ඉදිරිපත් කරනු ලබන බොහෝ පුද්ගලයන් ප්‍රකාශ කරනු ලබන්නේ එක් ප්‍රදේශයක ජීවත් වන පුද්ගලයන් දෙස බලාසහ  ඔවුන්ගේ එකක් දෙකක් වූ ලක්ෂණයන් දෙස බලා අපරාධකරුවෙකු ගේ ජීව විද්‍යාත්මක ලක්ෂණ මේවා යැයි ප්‍රකාශ කොට ලෝක මට්ටමින් මතවාද සහ න්‍යායන් ඉදිරිපත් කිරීම තාර්කික නොවන බවයි.මේ ආකාරයට සෙසරේ ලොම්බ්‍රෝසෝගේ යථානුභූතවාදී න්‍යාය  තාර්කික නොවන බව පවසමින් විවිධ උගතුන් සහ බුද්ධිමතුන් විවේචනාත්මක මතවාදයන් ඉදිරිපත් කොට තිබේ.මිළගට සෙසරේ ලොම්බ්‍රෝසෝගේ  යථානුභූතවාදී න්‍යායට එරෙහිව විවේචනාත්මක මතවාදයක් ඉදිරිපත් කරනු ලබන්නේ බ්‍රිතාන්‍ය ජාතික චාල්ස් ගෝරින් නම් පුද්ගලයෙකු විසින් වේ.චාල්ස් ගෝරින් විසින් ප්‍රායෝගික විද්‍යාත්මක පදනමක අනුසාරයෙන් ලොම්බ්‍රෝසෝගේ මෙම මතවාදය විවේචනය කර තිබේ.මේ සඳහා චාල්ස් ගෝරින් විසින් විවිධ පුද්ගලයන් ගණනාවක්  යොදාගනිමින් එක්තරා පර්යේෂණයක් සිදු කොට තිබේ.මේ සඳහා චාල්ස් ගෝරින් බ්‍රිතාන්‍යයේ සුවිශේෂී ස්ථානයන් ද්විත්වයක වාසය කරන ලද පුද්ගලයන් යොදාගෙන තිබේ.ඉන් එක් ස්ථානයක් ලෙස බිතාන්‍ය බන්ධනාගාරය පෙන්වා දිය හැකි වන අතර අනෙක් ස්ථානය වූයේ ලොව සුප්‍රකට විශ්වවිද්‍යාලයක්  වූ  බ්‍රිතාන්‍යයේ ක්‍රේම්බිජ් විශ්ව විද්‍යාලයයි.

 ගෝරින් විසින් බ්‍රිතාන්‍යය බන්ධනාගාරයේ රැඳවියන් 3000 ක ප්‍රමාණයකුත් ,ක්‍රේම්බිජ් සරසවියෙන් ශිෂ්‍යයන් 1000 ක  ප්‍රමාණයකුත් තෝරාගෙන ඇති අතර ලොම්බ්‍රෝසෝ මෙන් ඔහුත් මෙකී සෑම සියලු දෙනෙකුගේම හිස් කබල් සහ ජීව විද්‍යාත්මක සාධකයන් මැන බලා තිබේ.මෙම පර්යේෂණය අවසානයේ දී දැකගත හැකි වූ නිරීක්ෂණයක් වූයේ විශ්ව විද්‍යාලය තුළත් ලොම්බ්‍රෝසෝ ඉදිරිපත් කළ ආකාරයේ ලක්ෂණ තිබෙන පුද්ගලයන් සිටින බවකි.එහෙත් ඔවුන් අපරාධකරුවන් නොවේ.විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන්ය.

අපරාධකරුවෙකුගේ ලක්ෂණ මේවා යැයි ලොම්බ්‍රෝසෝ ඉදිරිපත් කරන ලද ලක්ෂණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තුළ පැවතියත් ඔවුන්  අපරාධකරුවන් හෝ අපරාධ ක්‍රියාවන් වලට  දායක  වූවන් නොවේ. මෙම නිගමනයට අනුව ගෝරින් විසින් පෙන්වා  දීමට උත්සාහ දරනුයේ කායික සහ ජීව විද්‍යාත්මක සාධක පමණක්ම අපරාධකරුවකු වීමට හේතු නොවන බවත් එවැනි ලක්ෂණ ඇති සියල්ලන්ම අපරාධ  නොකරන බවටත්  පෙන්වා දීමටය.

 තවදුරටත් මෙම කාරණය පැහැදිලි කරනවා නම් පෙන්වාදිය හැක්කේ අපරාධකරුවකු වීමට කායික සහ ජීව විද්‍යාත්මක සාධක පමණක් නොව වෙනත් අවශේෂ හේතු සාධක ද හේතු වන බවට  පෙන්වා දීමට ගෝරින් විසින් උත්සාහ ගත් බවයි.මේ ආකාරයට අපරාධ කරුවකු වීමට ජීව විද්‍යවිද්‍යාත්මක සාධක පමණක් ම හේතු වන බවට ලොම්බ්‍රෝසෝ විසින් ඉදිරිපත් කරන ලද න්‍යාය චාල්ස් ගෝරින් විසින් බිඳ දමා තිබෙනු දැකගත හැකි වේ.

ඉහත සදහන් කරුණු කරණා මගින් අපරාධ විද්‍යාවේ පියා ලෙස සැලකෙන සෙසරේ ලොම්බ්‍රෝසෝ විසින් ඉදිරිපත් කොට ඇති න්‍යාය සහ එහි අන්තර්ගත කරුණු කාරණා පිළිබදවත් ඊට එරෙහිව ගොඩනැගී ඇති  නිර්වචන සහ ඒවා ඉදිරිපත් කරන ලද පුද්ගලයන් සම්බන්ධවත් මානව පැහැදිලි වේ.ඒ අනුව අවසන් වශයෙන් එලබිය හැකි නිගමනය වනුයේ අපරාධකරුවෙකු වීමට කායික සහ ජීව විද්‍යාත්මක හේතු සාධක පමණක් බල නොපාන බවත් අවශේෂ හේතු සාධකයන්ගේ බලපෑමක් ඒ සදහා ඇතිවන බවත් වේ.ඒ අනුව අපරාධකරුවෙකු යනු කවරෙක්ද යන්න තීරණය කිරීමේදී ඒ සදහා බලපාන සියලුම කරුණු කාරණා මානව අධ්‍යනය කිරීමකින් අනතුරුව තීන්දු තීරණ සහ නිගමන වලට එලබීම වඩාත් යෝග්‍ය වේ.

ආශ්‍රිත මූලාශ්‍ර.

v 

https://en.m.wikipedia.org/wiki/Cesare_Lombroso.

 

v https://www.britannica.com/biography/Cesare-Lombroso.

 

v https://www.historyextra.com/period/victorian/the-born-criminal-lombroso-and-the-origins-of-modern-criminology.

    https://www.google.com/amp/s/www.history.com/.amp/news/born-criminal-theory-criminology.


සැකසුම ලහිරු පතිරත්න 

සමාජවිද්‍යා විශේෂවේදී උපාධි අපේක්ෂක තෙවන වසර 

කැලණිය විශ්ව විද්‍යාලය.

කැලණිය .

 

 

 


Comments

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලාංකික සමාජය තුළ සමාජ විද්‍යාව විෂය ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ දියුණුවට දායක වූ විද්වතුන් පිළිබඳ විමසුමක්. - ලිපි මාලා අංක 01 ( එස් .ජේ. තම්බයියා මහතා.)

ශ්‍රී ලාංකික සමාජය තුළ සමාජ විද්‍යාව විෂය ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ දියුණුවට දායක වූ විද්වතුන් පිළිබඳ විමසුමක්. - ලිපි මාලා අංක 03 (බ්‍රයිස් රායන් මහතා.)

ස්ත්‍රී වෙළදාම සහ ස්ත්‍රීන් ගණිකා වෘත්තියේ යෙදවීමෙන් වාසී ලැබීම මර්දනය කරනු ලබන ඔබ දැනගත යුතු නීතිමය හා ව්‍යවස්ථාපිත කරුණු.